♦ Bullish Rectangle

♦ Bullish Rectangle

මෙම රටාව ඍජුකෝණාස්‍ර ආකාරයට නිර්මාණය වන රටාවකි. මෙය uptrend (bullish) තිබෙන market එකක එම මිල තවදුරටත් ඉහළ යන බව පෙන්නුම් කරන රටාවකි.

Bullish rectangle රටාව හදුනා ගැනීම හා trend එකකට ඇතුල් වීම.

  • මෙම රටාව නිර්මාණය වන්නේ වෙළදපොළ මිල ඉහළ යන අවස්ථාවකය.
  • වෙළදපොළ මිල ඉහළ යන විට එක් අවස්ථාවකදී පහත රූපය ආකාරයට මිල තිරස් අතට ගමන් කිරීමක් සිදු වේ.
  • තිරස් අතට මිල ගමන් කරන අවස්ථාවේදී එහි ඉහළ ඇති EH-EH යා කරමින් resistance line එකක් හා පහළ EL-EL යා කරමින් Support line එකක් නිර්මාණය කරගත හැකිය. එවිට එම රටාව ඍජුකෝණාස්‍ර ආකාරයට නිර්මාණය වේ.
  • එලෙස Resistance line එකක් හා Support Line එකක් නිර්මාණය කළ පසු එම Zone එක ඇතුළත වෙළදපොළ මිල කිහිප වතාවක් ඉහළ පහළ යෑමක් දැකිය හැක. (Consolidation)
  • ඉන්පසු එක් අවස්ථාවකදී Resistance Line එක breakout වීමක් සිදු වේ. එලෙස resistance line එක breakout වූවිට වෙළදපොළ මිල ඉහළ යෑමක් සිදුවන බව නිගමනය කළ හැකිය.
  • මෙම රටාවේ take profit පරාසය ඍජුකෝණාස්‍රයේ (Support Line එක හා Resistance Line එක අතර පරතරය ) උසට සමාන වේ.
  • මෙහි Stop loss එක ඍජුකෝණාස්‍රයේ පහළ Point එක වේ. (Support Line එක)
  • සමහර අවස්ථාවලදී resistance Line එක breakout වී මිල ඉහළ බැස retest අවස්ථාවක් ඇතිවිය හැකිය.