Accumulation Schematic 1 එකෙහිදී වෙළදපොළ හැසිරීම.

Phase A

  1. පහළ බසින වෙළදපොළෙහි PS මගින් Support එකක් ලබා දෙයි.
  2. ඉන්පසුව SC නැමැති ස්ථානයට මිළ පහළ බැස එම ස්ථානයේදී support එකක් ගෙන මිල තරමක් ඉහළට යයි.
  3. SC එකෙහි සිට මිළ තරමක් නැවත ඉහළ ගොස් AR නැමැති ස්ථානයට පැමිණ එයින් Resistance එකක් ලබා ගනියි.
  4. AR සිට නැවත මිල පහළට පැමිණ ST ස්ථානයට පැමිණේ.

Phase B – මෙම කොටසේ සිට Liquidity hunt වීම සිදුවේ.

  1. Phase A කොටසේ ST ස්ථානයේ සිට නැවත වෙළදපොළ මිල ඉහළ යෑමක් සිදුවේ. එවිට AR හි සෑදුණු Resistance Line එක break කරමින් Stop Loss Hunt කිරීම සිදු කරයි.
  2. Stop Hunt එක සිදු කළ පසුව නැවත වෙළදපොළ මිල පහළ බැසීමක් සිදුවී ST Point එකෙහි තිබූ Support Line එක break කරමින් නැවත Stop Loss Hunt කිරීම සිදු කරයි. එය ST in Phase B ලෙස හැදින්වේ.
  3. ඉන්පසුව නැවත වෙළදපොළ ඉහළ යෑමක් සිදුවේ. නමුත් බොහෝ විට Resistance Zone එක Break වීමක් සිදු නොවේ.

Phase C

  1. Phase B හිදී මිළ ඉහළ ගිය පසු Phase C හිදී SC හා ST in Phase B Point දෙකටම වඩා පහළට මිල බැස යාමක් සිදුවේ. මෙය Spring ලෙස හැදින්වේ. එනම්, Support Line සියල්ල break වීමක් වී  Stop Loss hunt කිරීමක් සිදු වේ.
    • මෙම Spring එක Resistance Zone එක breakout වුවහොත් market එකෙහි downtrend එකක් ඇති වීමට ඉඩ ඇත.  
    • Spring එක Support Zone එක breakout වුවහොත් market එකෙහි uptrend එකක් ඇති වීමට ඉඩ ඇත.  
    • මෙම Spring එකෙන් සිදුවන breakout එක අනුව market එකෙහි දිශාව තීරණය කළ හැකි අතර එය එක් Conformation එකක් පමණි. එය 100% එසේම සිදුවේද යන්න කිව නොහැකිය.

Phase D

  1. Spring එකෙන් පසුව මිල ඉහළ යෑමක් සිදු වී Phase D කලාපයේදී අවසාන Support එකක් නිර්මාණය කරයි.
  2. පසුව Resistance Zone එක Break කරමින් retest එකක් බොහෝවිට ඇති වේ. මෙම අවස්ථාවේදී අපට market එකෙහි දිශාව නිවැරදිව තීරණය කළ හැකිය. පෙර සෑදුණු AR Swing Point එක ඊට පසුව සෑදුණු Swing Point සියල්ලම Break කරමින් market එකෙහි BOS එකක් නිර්මාණය වුවහොත් මීළගට market එක Uptrend එකකට යන බව නිගමනය කළ හැකිය.

Phase E

Price එකෙහි retest වීමෙන් අනතුරුව මිල විශාල ලෙස ඉහළ යෑමක් දැකගත හැකි වේ.